මහසෙන් මහා විද්‍යාලය

වත්තේගම

Term Test - 2024

student fair

page-header-1900x320.jpeg
Photo from hansikashyamali 10.jpg
Slide

විදුහල්පති පණිවිඩය

Mrs,දිනේශා කේ බන්ඩාර

අප විද්‍යාලය අවුරුදු 113 ක පෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි.සිසුන් 110කින් සහ ගුරු මණ්ඩලයෙන්ද විදුහල්පති ඩී.එම් මුදියන්සේ මහතා යටතේද ආරම්භ වී ඇත.මෙම විද්‍යාලයේ වර්ත්මානය වන විට සිසුන් 300ක් පමණ 1 වසරේ සිට උ.පෙල කලා අංශය දක්වා අධ්‍යාපනය ලබති.වර්තමාන සිසුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම උදෙසා වන අභියෝග රාශියක් පැවතියද දරුවාට සමීප සොඳුරු,අලංකාර පාසල් වටපිටාවක් නිර්මාණය කිරීම මෙන් ම අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳ සිසුන් හ දෙමාපියන්ට වඩා දැනුවත්භාවයක් ඇති කර දීමත්,අපේක්ශිත අරමුණකි.

එලෙසම . විශය බාහිර ක්‍රියාකාරකම් වල සංවර්දනයද කාලීන  අවශ්‍යතාවයකි.

අත්පන්දු,දැල්පන්දු,ක්‍රිකට්,එල්ලේ වැනි ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතා සහිත සිසුහු බොහොමයක් සිටිති.එසේ ම සංගීත,නර්තන මෙන්ම චිත්‍ර අංශයෙන් සිසුහු සමස්ත ලංකා ජයග්‍රහන පවා අත්කර ගෙන සිටිති.තවදුරටත් එම කුසලතා සංවර්ධනයට පහසුකම් සැලසීම මගින් දක්ෂතා ඉහල නංවාගෙන ජයග්‍රහනය ලබා ගැනීමට පාසල තුළින් අත්වැල සපයනු ලබයි.

එසේම සිංහල කථන සංසද, විවාද කණ්ඩායම ,ශිෂ්‍ය සමිති,රතු කුරුස සමාජ,වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් ද ඇතුලු ව නව ක්‍රියාකාරකම් තව දුරටත් හඳුන්වාදීමට අපේක්ෂිතය.


මෙකී සෑම කාර්යක් තුලින්ම බලපොරොත්තු වන්නේ  ගුණ නැන සපිරි වැඩ ලෝකයට   ගැලපෙන පුරවැසියෙකු දැයට දායාද කිරිමයි.වසර කිහිපයකදීම විශ්වවිද්‍යාල වරම් ලද සිසු පිරිසක් මෙන්ම සමාජයේ ඉහල තනතුරු සඳහා අවතීර්ණ වූ සිසු පිරිසක්ද බිහිකර ඇත .

Mrs,දිනේශා කේ බන්ඩාර
විදුහල්පති
මප/වත්/මහසෙන් මහා විද්‍යාලය .