මෙයට සියවසකට පෙර මහගම නම් ග්‍රාමය කේන්ද්‍රකරගෙන මූලික අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ප්‍රාථමික පාසලක් ආරම්භවී ඇත.එම පාසල ඓතිහාසික පුරා
වෘත්තයන් රැසක් සඟවාගත් ගම්පියසක් කේන්ද්‍රකර ගනිමින් සිසු දරුවන් 110 කින් විදුහල්පති ඩී.එම්.මුදියන්සෙගේ මූලිකත්වයෙන් අරම්භවී ඇත.මෙම විදුහල ප්‍රාථමික පාසලක් ලෙස කුඩා මඩුවක පැවතී ඇත.70 දශකයේ මෙම විදුහලට පැමිණි භූමිපාල මහතාගේ කැපවීමෙන් 6 වසරේ සිට 11 වසර දක්වා පංති ආරම්භවී හේමචන්ද්‍ර ගමගේ මහතාගේ සේවා කාලයේදී උසස් පෙළ කලා අංශයද ආරම්භ කර ඇත.වත්මන වන විට 1වසර සිට 13වසර දක්වා පංති ඇති අතර 1සී ව්ර්ගය පාසලක් බවට අද වන විට පත්ව ඇත.
මෙම පාසල ගැහැණු පිරිමි මිශ්‍ර පාසලක් ලෙස 1 වසර සිට 13 වසර දක්වා පංති පැවැත්වේ.මෙම පාසල මඟින් ප්‍රථම ශිෂ්‍යත්ව සමත්ධාරියා ලෙස ජී.ජී.යෂාරා චමෝදිකා ශිෂ්‍යයාව 2010 වසරේදී ලකුණු 153 ලබා ගත්තාය.අද වන විට සෑම වසරකම ශිෂ්‍යත්ව සමත්වීම් 1 වාර්තා වන අතර ජී.ජී.යෂාරා තරුක්ෂි චමෝදිකා මුල්ම ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යයාව මෙම විද්‍යාලයේ දැනටත් ඉගෙනුම ලබමින් සීටී. මෙම පාසල ප්‍රධාන ග්‍රාම සේවක වසම් 4 පෝෂණයවී ඇත.
මෙගොඩගම, එගොඩගම, මොලගොඩයාවත්ත, මිල්ලංග මෙම ගම්වාසීන් අද වන විට සාමජයම ආර්ථිකමය වශයෙන් සවිමත්ව සිටියද අයහපත් පුරුදු හා අවිදිමත් මූල්‍ය කළමනාකරණය මත දිළිඳු ලක්ෂණ ප්‍රකට කරයි.එසේ වුවද මෙම ගමේ ප්‍රධාන රැකියාව ගඩොල් කැපීමේ කර්මාන්තය වේ. සාමාන්‍යන් දළ වශයෙන් කුඩා ගඩොල් පෝරණු හිමියකු වුවද මාසික ආදායම රුපියල් 50000.00 ඉක්මවනු ලැබේ. එම ආදායමෙන් වැඩි ප්‍රතිශත භාවිතා වන්නේ,
1)මත්පැන් පානය
2)ජංගම දුරකථන කාඩ්පත් වියදම්
3)අවිධිමත් ආහාර රටාවන්
4)ඇදුම් පැලදුම්
යන කරුණු මතටය.මෙම ගම්වාසීන්ගෙන් 95% අක්කර 1 අඩු වන අතර 75% පචස් 15-40 අතර කුඩා බිම් කැබැල්ලකට සීමා වේ.මෙහි භූමි ප්‍රමානයන් අක්කර 452 වර්තා වුවත් මෙහි කුඹුරු ඉඩම් ඉතා සීමිත පවුල් කීපයක් සතුව පවතී. මෙම ගමේ ඉඩම් බාහිර පුද්ගලයන් මිලදී නොගන්නා අතර එය ගමේ ධනවතුන් විසින් අත්පත් කර ගනී.නමුත් ප්‍රධාන මාර්ගයන් මායිම් වන ඉඩම් බාහිර පුද්ගලයන් විසින් වර්තමනය වන විට මිල දී ගනු ලැබී ඇත. තම ජීවනෝපාය සදහා ගඩොල් කැපීමට අවශ්‍ය පස් බාහිර ප්‍රදේශ වලින් මිල දී ගනු ලැබේ.
බාහිර කරුණු හා අදහස් ගම තුළට ප්‍රවේශ වීම සීමිතවීමත් දෙමාපිය අධ්‍යාපනය ඉතා දිළිඳු මට්ටමක වීමත් නිසා අධ්‍යාපන නැඹුරුව ඉතා පහළ මට්ටමක පවතී.මේ නිසා දරුවන්ගේ සදාචාරාත්මක වර්ධනයට හා අධ්‍යාපනික වර්දනයට මෙය ඍජුවම බලපෑම් කර ඇත. මෙම ගම්මානයේ කාන්තා ශ්‍රමය ප්‍රබල වීමත් ගෘහ පාළන හා
කළමනාකරනයේ කාන්තාව ප්‍රබල වීමත් නිසා කාන්තා අධ්‍යාපනය සංවර්ධනය ඉතා වැදගත් අංගයක් වී ඇත.කෙසේ වුවද ගම තුලම බාහිර අදහස් හා නව සන්කල්ප ක්‍රමික වර්දනයක් පෙන්නුවත්,දෙමාපිය අධ්‍යාපනයේ ඉහල මට්ටමක ඇති හා ගම තුළ පූට්ටු වී ඇති පවුල් කීපය හරහා ගම නාගරික පාසල් ඉලක්කව කටයුතු කීරිම ඇරඹී ඇත.මෙම නිසා 2005 සිට නවා ආදර්ශ පාසල් ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ප්‍රාථමික පාසලක් ලෙස ප්‍රාථමික
අංශ ක්‍රීයාත්මක වේ.







