නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එම්.සි.ප්‍රේමතිලක
දළඳා සමිඳුන් වැඩ සිටින සෙංකඩගල පින් බිමේ මහවැලි ගං පියසේ දුම්බර මිටියාවතේ පිහිටි මහසෙන් මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනැන්විමට වෙර දරන මධ්‍යම පළාතේ පිහිටි පාසලකි.
වැඩ ලෝකයට සරිලන ගුණ නැණ පිරි දරු පිරිසක් බිහිකරනු වස් වත්මන් විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක නිරතව සිටිති.එකී අපේක්ෂාවට සහය වෙමින් කටයුතු කරන ශිෂ්‍ය නායක නායිකාවන් හා දෙමාපියන් සහයද අගය කරමි.
මෙතෙක් ආ දිගු ගමනේ රට දැය වෙනුවෙන් සෙවය කරන විවිධ කේෂ්ත්‍රයන්හි නියැලෙන අතිත දූ පුතුන් සිහිපත් කිරිමද කැමැත්තෙමි.
ආදරණීය දුවේ පුතේ එම ආදර්ශය සිතට ගෙන යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය කර ගනිමින් මහසෙන් මහා විද්‍යාලය මාධ්‍යම පළාතේ දීප්තිමත් පාසලක් බවට පත්කිරීමට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමි.
එම්.සි.ප්‍රේමතිලක
නියෝජ්‍ය විදුහල්පති - පරිපාලන
මප/වත්/මහසෙන් මහා විද්‍යාලය .







