මෙයට සියවසකට පෙර මහගම නම් ග්‍රාමය කේන්ද්‍රකරගෙන මූලික අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ප්‍රාථමික පාසලක් ආරම්භවී ඇත.එම පාසල ඓතිහාසික පුරා
වෘත්තයන් රැසක් සඟවාගත් ගම්පියසක් කේන්ද්‍රකර ගනිමින් සිසු දරුවන් 110 කින් විදුහල්පති ඩී.එම්.මුදියන්සෙගේ මූලිකත්වයෙන් අරම්භවී ඇත.මෙම විදුහල ප්‍රාථමික පාසලක් ලෙස කුඩා මඩුවක පැවතී ඇත.70 දශකයේ මෙම විදුහලට පැමිණි භූමිපාල මහතාගේ කැපවීමෙන් 6 වසරේ සිට 11 වසර දක්වා පංති ආරම්භවී හේමචන්ද්‍ර ගමගේ මහතාගේ සේවා කාලයේදී උසස් පෙළ කලා අංශයද ආරම්භ කර ඇත.වත්මන වන විට 1වසර සිට 13වසර දක්වා පංති ඇති අතර 1සී ව්ර්ගය පාසලක් බවට අද වන විට පත්ව ඇත.
මෙම පාසල ගැහැණු පිරිමි මිශ්‍ර පාසලක් ලෙස 1 වසර සිට 13 වසර දක්වා පංති පැවැත්වේ.මෙම පාසල මඟින් ප්‍රථම ශිෂ්‍යත්ව සමත්ධාරියා ලෙස ජී.ජී.යෂාරා චමෝදිකා
ශිෂ්‍යයාව 2010 වසරේදී ලකුණු 153 ලබා ගත්තාය.අද වන විට සෑම වසරකම ශිෂ්‍යත්ව සමත්වීම් 1 වාර්තා වන අතර ජී.ජී.යෂාරා තරුක්ෂි චමෝදිකා මුල්ම ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යයාව මෙම විද්‍යාලයේ දැනටත් ඉගෙනුම ලබමින් සීටී. මෙම පාසල ප්‍රධාන ග්‍රාම සේවක වසම් 4 පෝෂණයවී ඇත.







